hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 29, ප.ව. 9:28



මාර්ග සංඥා ලාම්පු අසල සිඟමන් යෙදුන 94 දෙනෙකු පසුගිය දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය පැවසුවේ ඇතැම් යාචකයන් ඔවුන්ට මුදල් ලබා නොදෙන වාහන, යකඩ කම්බිවලින් සීරීම හා වීදුරුවලට හානි කිරීම වැනි සිද්ධීන් ද වාර්තා වී ඇති බවයි.

චක්‍රලේඛණ මගින් පොලිස් ස්ථාන දැනුවත් කර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිසිය සඳහන් කළා.

නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා කියා සිටියේ මෙලෙස යාචකයන් අත්අඩංගුවට ගත්ත ද පවතින නීතිමය තත්ත්වය අනුව ඔවුන්ව වැඩිකලක් රඳවා ගැනීමට නොහැකි බවයි.

මාර්ග සංඥා ලාම්පු අසල සිඟමන් යදින යාචකයන්ට මුදල් ලබා දෙන පිරිසට එරෙහිව ද ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බව අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.