hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 30, ප.ව. 6:19



අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනතුරු මෙම තහනම බල පැවැත්වෙනු ඇති බවයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව විභාගයට අදාළ පෝස්ටර්, පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, පත්‍රිකා බෙදා හැරීම වැනි කටයුතුද තහනම් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, එලෙස කටයුතු කරන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: