hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 03, පෙ.ව. 8:24



පාකිස්තානයේ හිටපු විශිෂ්ට වේග පන්දු යවන්නකු වූ වසීම් අක්‍රම් ක්‍රිකට් පුහුණු වැඩසටහන් කිහිපයකට එක්වීම සඳහා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔහු මෙරටදී ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු ඇකඩමිය, ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් (HPC) සහ ප්‍රධාන ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් සඳහා පුහුණු සැසි පහක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම T20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සූදානම ද ඔහුගේ නිරීක්ෂණයට ලක් වනු ඇති.

මෙම පුහුණු වැඩසටහන් ඊයේ සහ අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.