hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 04, ප.ව. 1:13



ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස රෙගුලාසියකට අත්සන් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊට අත්සන් තැබුවා.

2024 අංක එක දරන රෙගුලාසියට අනුව මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා.

1973 අංක 25 දරණ ක්‍රීඩා නීති පනතට අනුකූලව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යටතේ ලියාපදිංචි වූ ජාතික ක්‍රීඩා සංගම් 73ට මෙම ගිවිසුම බලපානු ලබනවා.

ඒ අනුව ප්‍රාදේශීය සභාවක නියෝජිතයකට පවා ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම මෙමගින් අවහිර වෙනවා.

ඊට අදාළව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය විට පියවර ගැනීමට බලය පැවරෙනවා.

මීට අමතරව ක්‍රීඩා සංගම්වල සහ ක්‍රීඩකයින්ගේ දුක් ගැනවිලි සවන් දීමට ඔම්බුට්ස්මන්වරයෙකු අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.