hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ජූනි 23, පෙ.ව. 4:51



රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමේ අවශ්‍යතාවයක් තිබූ බවත් විදේශගත රැකියා කිරීමේ අවශ්‍යතාවයක් තිබු බවත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පැවසුවා.

ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එලෙස විදේශගත වීමට අවශ්‍යතාවය තිබුණද ඔවුන්ට ඉල්ලීමක් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නොතිබුණු බවද ඒ මහතා සඳහන් කළා.

විශ්‍රාම වැටුප සුරක්ෂිත වීම සහ ජේෂ්ඨත්වයට හානි නොවෙන ක්‍රමවේදයක් සකස් කර දීමක් සිදු කරන බව ද මායාදුන්නේ මහතා පවසා සිටියා.

රාජ්‍ය නිලධාරීන් කිසි විකටත් රාජ්‍ය මැදිහත් වීමකින් රැකියා සඳහා යොමු නොකරන බවත් ඒ සඳහා අවශ්‍ය පුහුණුව සඳහා සහයෝගය පමණක් ලබා දෙන බවද ඔහු කියා සිටියා.

මේ සඳහා තරුණ කණ්ඩායම් සඳහා අවස්ථාව ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රජයේ සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලනොපාන පරිදි වසර පහක කාලයකට විදේශගතවීමේ අවස්ථාව ලබාදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

මෙහිදී හැකියා වර්ධනය කරගැනීම හෝ විදේශගතවීමෙන් අනතුරුව රැකියාවක නිරතවීම සඳහා වසර පහක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි අතර, එම චක්‍රලේඛයේ විධිවිධාන පරිදි විදේශගත වන සෑම නිලධාරියකුම මාසිකව මෙරටට ප්‍රේෂණය කළ යුතු ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය ද එම චක්‍රලේඛයෙහි දක්වා තිබෙනවා

ඒ අනුව ප්‍රාථමික සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 100ක්, ද්වීතියික සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 200ක්, තෘතියික සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 300ක් සහ විධායක සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 400ක් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් විධිමත්ව ආරම්භ කරන ලද අනේවාසික විදේශ මුදල් ගිණුමකට මෙම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද එහි දැක්වෙනවා.

ඔවුන්ට ඉහත මුදල හෝ ගකියාවෙන් ලැබෙන වැටුපෙන් සියයට 25ක් ප්‍රේෂණය කළ හැකි අතර, මෙම මුදල් ප්‍රේෂණය කිරීමට විදේශ ගත වූ දින සිට මාස දෙකක සහන කාලයක් ලබාදෙන අතර තෙවන මස සිට මුදල් ප්‍රේෂණය කළ යුතු බව එහි සඳහන් වෙනවා.

මාණ්ඩලික නිලධාරීන් විදේශගත වන්නේ නම් ඔවුන් සේවයේ ස්ථිර වී තිබිය යුතු බවත් මාණ්ඩලික නොවන නිලධාරීන්ට පරිවාස කාලයේදී ද විදේශගත විය හැති බවත් මායාදුන්නේ මහතා පවසයි.