hit counter

2026 ජූලි මස 26 වන ඉරිදා

2026 ජූලි 27, පෙ.ව. 12:17



උණ රෝගය වැළඳී ඇති දරුවන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මවුපියන් පියවර ගතයුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

දරුවාට නිසි ප්‍රතිකාර ලබා දීමට ඇති අවස්ථාව අහිමි කරමින්, ඔවුන්ගේ ජීවිත අනවශ්‍ය ලෙස අවදානමට ලක් නොකරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බව පෙන්වා දෙන ඒ මහතා, ඉන් හතරෙන් පංගුවක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන් කළේය.

මෙම තත්ත්වය මීට වඩා වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බැවින්, තම දරුවන්ට උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස වෛද්‍යවරයා දැනුම් දෙයි.

එමෙන්ම නිවෙස්වල රැඳී සිටිමින් අත්බෙහෙත් කිරීම නිසා දරුවාට නිසි ප්‍රතිකාර ලබාදීමට ඇති කාලය අහිමි වී යන අතර, ස්වයං ප්‍රතිකාරවලින් වැළකී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ද වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: