hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 04, ප.ව. 3:07



“කොඩි ගහ යට” ටෙලි නාට්‍යයේ රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කළ ජගත් මනුවර්ණ තමාට මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට නිෂ්පාදක අනිල් බණ්ඩාර මහතා චෝදනා කරයි.

ස්වාධීන රූපවාහිනිය සමඟ ඇතිකරගත් ගිවිසුම කඩකරමින් මුදල් ලබාගෙන මනුවර්ණ තමාව රැවටූ බව බණ්ඩාර කියා සිටී.

තවද මෙම වංචනික ක්‍රියාවන් සඳහා ස්වාධීන රූපවාහිනිය ද දායක වන්නට ඇතැයි බණ්ඩාර සැක පළ කරයි.

අදාළ සියලු තොරතුරු ලබා දෙමින් තමන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව ඔහු පෙන්වා දෙයි.

මෙම ප්‍රකාශයන් බණ්ඩාර විසින් කර ඇත්තේ ඉරාජ් වීරරත්න සමඟ පැවති දුරකථන සංවාදයක් අතර වාරයේ වන අතර පසුව එය ඉරාජ් වීරරත්න විසින් අන්තර්ජාලයට එක් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: