2024 මැයි 11, පෙ.ව. 12:08
කුලියාපිටිය, කබලෑව පදිංචිව සිටි සුසිත් ජයසිංහ නමැති තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මියගිය තරුණයාගේ පෙම්වතියගේ පියාගෙන් කුලියාපිටිය පොලිසිය ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.
එම පුද්ගලයාගේ ප්‍රකාශය බොහෝ දුරට අද දින ලබාගැනීමට ඉඩ ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි. මේ වන විට මෙම සැකකරු වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටී. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එම සැකකරුගේ මස්සිනා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
මොහු මුල් අවස්ථාවේ අතුරුදන්ව සිටි සුසිත් නමැත්තා අත් පා බැඳ මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට ගොස් මරා දැමූ බව ප්‍රකාශ කළාද වැඩිදුර කළ ප්‍රශ්න කිරීමේදී සුසිත් මරා දමා ඇත්තේ බන්ධනාගාරගතව සිටින සැකකරුගේ නිවෙසේදී බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මොහුගේ ප්‍රකාශය මත මරා දැමුණු සුසිත්ගේ මළ සිරුර එම රක්ෂිතයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් විය.
ඊට පෙර පොලිසිය සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා මෙහෙයුම් දියත් කරද්දී ඔහු සැඟව සිට පසුගියදා අධිකරණයට භාර වී තිබේ.
සිද්ධියට අදාළ 17 හැවිරිදි තරුණිය මේ වන විට අතුරුදන්ව සිටින අතර ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද පොලිසිය බලාපොරොත්තු වේ.
මේ අතර තම දියණිය 52 වතාවක් දූෂණය කළත්, ඒ බැව් කතා නොකරන්නේ ඇයිදැයි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති ප්‍රශ්න කර සිටිනවා.
ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතා ඔහු එසේ ප්‍රශ්න කළේය.
තමාගේ නිවස පුළුස්සා ඇතිබව හා තම දියණියට සිදුව තිබූ තත්ත්වයද හෙළිකළ යුතු බවයි ඔහු පවසන්නේ.
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:05
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:59
2025 පෙබරවාරි 03, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:03
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25