hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 මැයි 13, පෙ.ව. 12:04



සම්මානනීය රංගන ශිල්පියෙක් විදිහට පුංචි තිරය රිදී තිරය කියන මේ අංශ දෙක තුළම බොහෝ දෙනෙක්ට මතක හිටින චරිත මැවූ ආදරණීය කලාකරුවෙක් තමයි දසුන් පතිරණ කියන්නේ.බොහෝ දෙනෙක් ඔහුට ආදරේට කතා කරේ දස්සා කියන ආදරණීය නමින්.

ඔහු කාලයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නෙ නැතුව නිහඩවෙලා හිටියා.ඒකට හේතුව රටේ ඇතිවුණු ප්‍රශ්න එක්ක හරියටම නිර්මාණාත්මක වැඩ කෙරුණේ නැති නිසයි.නමුත් ආයෙමත් සැරයක් ඒ තත්ත්වය වෙනස් වෙලා නිසා දසුන් කලා කටයුතුත් එක්ක එකතු වෙනවා.

ඒ වගේම දසුන් මේ වන විට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්.ඔහුගේ පවුල ආදරණීය දරුවන් දෙදෙනෙකු නිසා දැනටමත් ලස්සන වෙලා.ඉතින් දසුන් ගත කරන ඒ ජීවිතය ගැන ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්

”ඇත්තටම දරු සෙනෙහස කියන දේ ලැබෙන්න ඕනා ඉතාම ආදරණිය හැඟීමක් ඒ බැඳීම මාරයි.මට දැන් මොන දේ උනත් බබාලා දෙන්න නොබලා ඉන්න බෑ. ජීවිතේ මොන ප්‍රශ්නකාරී ගැටලුකාරී බවක් තිබුණත් බබාලා දැක්කා මේ හැමදේම මදකට හරි නැති වෙනවා.මෑතකදී මම ගෙදරින් තරහා වෙලා ගිහින් දවසෙන් ගෙදර ආවා. මොකද දැන් බබාලා නොදැක ඉන්න බෑ. ඒ බැඳීම නිසා තමයි පවුල කියන දේ තවත් බැඳෙන්නෙ.දැන් මගෙන් ඇහුව ජීවිතේ අංක එක මොකක්ද කියලා මම කියන්නේ මගේ දුවලා දෙන්නා කියලා. මම කොහොමත් කැමැත්තෙන් හිටියේ දුවෙකුට තමයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: