hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 මැයි 16, පෙ.ව. 12:06



වයස අවුරුදු 55න් පසුව වැටුප හෝ විශ්‍රාම වැටුපක් හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිව තිබූ දුෂ්කරතාව පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමුව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි.

ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී යුද්ධයෙන් මරණයට පත් වූ හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන්ගේ වැටුප් හා දීමනා වයස අවුරුදු 55 ඉක්මවා ලබාදීමට තීන්දු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ත්‍රිවිධ හමුදාවට පමණක් සීමා වී තිබූ මෙම සහනය සිවිල් ආරක්ෂක නිළධාරීන්ට ලබාදිය යුතු බවත් මේ සම්බන්ධව කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: