hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 මැයි 18, පෙ.ව. 12:02



කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.

කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.

ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.

අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.

කාවින්දය අධිකාරි කියන්නෙත් සරලව ජීවත් වෙන්න කැමති කෙල්ලෙක්.

ඇගේ අම්මා තාත්තා සහෝදරයා එක්ක වගේම පවුලට හිතවත් හැම කෙනෙක් එක්කම ගොඩක් සමීපව ඉන්න කෙනෙක්.

ඇය මේ ගෙවන නිදහස් ජීවිතයට ළඟම ඉන්න අය එක එක මත දරද්දී , ඇය ගැනමලියවුණු හිතට දැනෙන නිසඳසක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යවලදී කවියට හමුවෙලා.

ලඟ ඉන්න මිනිස්සුන් ට වඩා මාව නොදන්න මිනිස්සුන් ව මට හරියට දැනෙනවා…
මාව ආශ්‍රය කරලා නැති උනත් මාව පිටින් බලලා, මගෙ ජීවිතේ ට මෙච්චර වටිනාකමක් දෙන්න ඔයාලා හැම වෙලාවෙම උත්සහ කරනවා…
ඒකට ඔයාල ට ගොඩක් පිං
මනුස්සයෙක් ගෙ හිත නිවන්න, මනුස්සයෙක් ගෙ මූණට හිනාවක් ගේන්න, මනුස්සයෙක් ගෙ වටිනාකම තව තව ත් අගය කරන්න ඔබ දෙයක් කරනවා නම්, ඒක තමන් ගැන සතුටු වෙන්න කාරණාවක්…
මේ ලෝකේ ඉන්න හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමේ ඒක…
ලෝකයේ බොහෝ මිනිසුන් ඔබව නඟා සිටුවීමට වඩා, ඔබව පහතට ඇද දැමීමට උත්සාහ කරයි… ඒ අතරින් ඔබ විශේෂයි කියලා හිතන්න.

අපි හැමෝම මිනිස්සු… ඔව්! ඒත් අපි හැමෝටම “මනුස්සකම” පිහිටන්නේ නෑ…
සමහර මිනිස්සුන් ගෙ වචන කොච්චර ශක්තිමත් ද කිව්වොත්… ඒවා ට පුලුවන් මනුස්සයෙක් ව ජීවත් කරවන්න…
ජීවිතේ අත්දැකීම් එක්ක තමයි අපිට ජීවිතේ කියන්නේ කොච්චර ගැඹුරු/කටුක දෙයක් ද කියලා තේරුම් යන්නේ…
ජීවිතේ ලස්සනම කාලේ උදා කරගන්න remote එක තියෙන්නෙ තමන්ගෙ අතේ ම පමණයි! ඒක ඔයා, මම, අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕන කරුණක්.
අපේ ජීවිතේ වුන, වෙන, වෙන්න තියෙන හැම දේකටම වගකියන්න ඕනේ අපි අපි ම තමයි
එච්චරයි.
-කවී-






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: