hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 මැයි 23, පෙ.ව. 12:06



ඔහුට මේ පුංචි වයසට ඒ ලැබුණේ නම් විශේෂ අවස්තාවක්.

ඉරාන ජනාධිපති ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක්  දී පිළිගන්න ඔහුට අවස්තාව ලැබුණා.

ගයිදු කිත්න, ඒ වාසනාව ලද පුංචි පුතු කියපු කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ.

එදා අපේ රටට ගොඩක් විශේෂ දවසක්.උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම ඒ විශේෂත්වයට හේතු වුණා.

ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න පුංචි පුතා එදා මත්තල ගුවන්තොටුපළේදී ඉරාන ජනපති පිළිගත්තා.

ඒ සිදුවීම වෙලා මාසයක් යන්නත් කළින් ඉරාන ජනපති ගැන අහන්න ලැබුණේ කණගාටුදායක පුවතක්.

ඔහුගේ නික්මයාම ගැන පුංචි කිත්න කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

“ඉරාන ජනාධිපතිතුමා පිළිගැනීමට මාව තෝරා ගත් බව දැනගත්තාට පසු මට කිව නොහැකි සතුටක් ඇතිවුණා. මට තිබුණේ එතුමා බුලත් හුරුල්ලක් දී සිංහල ක්‍රමයට පිළිගන්නයි. එතුමා ප්ලයිට් එකෙන් බැහැලා එනකොට මම බුලත් හුරුල්ලද්දී වැඳ එතුමා පිළිගත්තා.

බුලත් හුරුල්ලක් දී පිළිගන්නවාත් එක්කම එතුමා මගේ හිස අත ගා මා බොහොම ආදරයෙන් සිප ගත්තා. එතුමා මේ විදිහට හිස අත ගා සිපගනීවි යැයි කියා කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමාගේ රටේ භාෂාවෙන් මාත් එක්ක මොනවද කිව්වා. මේ කියපු දේවල් මට තේරුණේ නැහැ. මේක මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් වේවි.

මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවෙ ප්‍රේමා ආච්චි ඒ කියන්නේ මගේ තාත්තාගේ අම්මා කිව්වා පුතේ ඔයා බුලත් දී පිළිගත්ත ඉරාන ජනාධිපතිතුමා හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිහින් කියලා. ආච්චි අම්මාගේ මේ කතාව අහලා මගේ හිතට දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් ඇතිවුණා. ඇස් දෙකට කඳුළුත් ආවා. අපේ ආගම අනුව එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: