hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 මැයි 25, පෙ.ව. 12:01



2024 වසරේ මාස්ටර් චෙෆ් ශූරතාවය ජයගැනීමට ලාංකීක බ්‍රිතාන්‍ය දෙමළ ජාතිකයෙකු වන බ්‍රින් පිරතාබන් සමත් වුණා.

BBC TV විසින් මෙය සංවිධාන කර තිබුණේ, 20 වැනි වරටයි.

29 හැවිදිරි වියෙහි පසුවන බ්‍රින් පිරතාබන් පශු වෛද්‍යවරයෙකු වීමත් විශේෂත්වයක්.

මෙවර මෙම තරගාවලිය සඳහා තරගකරුවන් 57 දෙනෙකු එක්ව සිටි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ආහාර පිසීමට එක් හේතුවක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකි බව ඔහු ජයග්‍රහණයෙන් අනතුරුව කියා සිටියා.

කුඩා වියෙහි සිට මාස්ටර් චෙෆ් වැඩසටහන නැරඹූ බවයි, බ්‍රින් සඳහන් කළේ.

ලාංකීක දෙමළ සමාජයෙන් පැමිණි තමන්ට ආහාර කිසිදු අවස්ථාවක නීරස නොවූ බවත් ඉතා හොඳ ආහාර තිබූ බවත් ඔහු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: