hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2024 මැයි 26, ප.ව. 3:26



අද රාත්‍රියේත් කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තබන බව පොලීසිය සඳහන් කරනවා.

අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව මෙලෙස මාර්ග කිහිපයක් වසා තබන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ.

ඒ අනුව බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක පාර දක්වාත්, පෙරහැර මාවත ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත් බේබෲක් ප්‍රදේශයත් මෙලෙස වසා තැබීමට නියමිතයි.

මේ අතර වෙසක් කලාප වෙත පැමිණෙන ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල රථවාහන නවතා තබා පා ගමනින් එම කලාප වෙත ගමන්කිරීමට හැකි බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාරක්ෂිත අවදානම් ගස් යට රැඳී සිටීමෙන් සහ වාහන නවතා ඒ තුළ රැඳී සිටීමෙන් වළකින ලෙසයි.    





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: