hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූනි 25, ප.ව. 4:55



එංගලන්තයේ ජීවත්වන ධනවත් වෛද්‍යවරියක් ලෙස පෙනී සිටි මින් මෙරට කාන්තාවක් ෆේස්බුක් හරහා කොරියාව ඇතුළු විදෙස් රටවල රැකියා කරන මෙරට තරුණයන් සමග ප්‍රථමයෙන් හිතවත්කම් ඇති කර ගනිමින් මුදල් ජාවාරමක් කර තිබෙනවා.

තමා සතුව ලංකාවේ ද ව්‍යාපාර රැසක් ඇති බවත් ඒ සඳහා මුදල් ආයෝජනය කරමින් ඒවාට සම්බන්ධ වන ලෙසයි මෙම කාන්තාව තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඇයගේ බසට රැවටී මෙරටට පැමිණ මුදල් ආයෝජනය කළ තරුණයෙකු ඔහුගේ අත්දැකීමක් මෙලෙස හෙළි කළා.

”මෙයා ෆේස් බුක් එකෙන් මැසේජ් කරලා. ඔහෙ දුක් මහන්සි වෙලා හම්බකරන්න අමාරුනෙ.. මෙහෙ බිස්නස් කරන්න තියනවා කියලා කියනවා. මෙයා කියනවා සිගරට් ඒජන්සියක් තියනවා. ඒජන්සියක් තියනවා ඒවා කරන්න කවුරුත් නැහැ.පවුලෙ මං විතරයි ඉන්නෙ කියලා වැල්වටාරමක් කියනවා.මං කොරියාවෙදිම ලක්ෂ 18ක් එවලා තියනවා.කෝටි 10කට වැඩි මිසක් අඩු නැහැ. ලක්මාල්ගෙනුත් කෝටි 2ක් අරගෙන තියෙනවා.”

මෙම කාන්තාවගේ මුසා බස්වලට රැවටී ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට පැමිණෙන බොහොමයක් තරුණයන් සමග ඇය අනියම් සම්බන්ධතාවන් ද ඇති කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

කලින් කලට පදිංචි ස්ථාන වෙනස් කරමින් තැනින් තැනට පළා යමින් කෝටි ගණනින් මුදල් වංචා කරන මෙම කාන්තාව පසුගියදා කඩවත ප්‍රදේශයේදී කොටුකර ගැනීමට ඇගේ වංචාවට මීට පෙර හසු වී සිටි පිරිසකට හැකි වී තිබෙන්නේ ඒ අදාළ කාන්තාව තවත් තරුණයෙකු සමග නිවසක රැදී සිටියදී.

ලැබුනු නවතම තොරතුරු අනුව මේ වනවිට මෙම කාන්තාව කඩවත ප්‍රදේශයෙන් ද මේ වනවිට පළා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Example Image