hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 ජූනි 04, ප.ව. 6:58



පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පදවිය, වැලිඔය සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු විසින් ඔහුගේ නිවසේදී කුඩ දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරුගේ නිවස වැටලීමක් කොට ඇති අතර සැකකරු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් සැඟව ඇති බව පොලීසිය පවසනවා.

කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදී ඇති අතර ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැති බවද අසල්වාසීන් පොලීසියට දැනුම් දී තිබෙනවා.

සැකකරු සොයා මේ වන විට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙන ලෙසටද පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: