hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ජූනි 12, ප.ව. 3:28



රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිශානි පියුමිකා නමැති සිසුවියෙකි.

එම සිසුවිය සිය මිත්තණිය යාබද කාමරයේ නිදාගෙන සිටි අවස්ථාවක රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය සහ වයරය සම්බන්ධ විදුලි පේනුව කාමරයේ බිත්තියට සවිකර තිබූ කෙවෙනියට සම්බන්ධ කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇත.

අනතුරුව වයරයට සම්බන්ධ පේනුව කොටස කපා ඉවත් කර එමඟින් පාදාගත් වයර් කොටස් දෙක කෙවෙනිය තුළට ඇතුළු කර විදුලිය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සිසුවියට විදුලි සැර වැදී ති‌‌බේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: