2024 ජූනි 17, ප.ව. 10:52
2024 T20 ලෝක කුසලානයේ පළමු ජය ශ්‍රී ලංකා කණ්ඩායම අද ලබා ගත්තේ නෙදර්ලන්තය ලකුණු 83කින් පරාජය කරමින්.
මෙම තරගය ජය ගත්ත ද ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය හමුවේ පරාජය වීම ,නේපාල තරගය වර්ෂාව හේතුවෙන් අත් හැරදැමීමට කටයුතු කිරීම නිසා T20 ලෝක කුසලානයෙන් ඉවත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක ලකුණු 46 බැගින් ද , ධනංජය ද සිල්වා ලකුණු 34ක් ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30ක් ද, වනිඳු හසරංග නොදැවී ලකුණු 20ක් ද ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 16.4කදී සියල්ලන් දැවී ලකුණු 118ක් ලබා ගත්තේය.

නුවන් තුෂාර ලකුණු 24කට කඩුලු 3ක් ද , මතීෂ පතිරණ හා වනිඳු හසරංග කඩුලු 2 බැගින් ද දවා ගත්තා.
2024 T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය තමන් ඇතුළු කණ්ඩායම භාර ගන්නා බව ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග පැවසීය.
පසුගිය කාළයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකර කරන අත්වැදී තවමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සාදාගෙන නොමැති බවත් ඔහු මෙහිදී පැවසීය.
මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීම ගැන අතිශය කණගාටු වන බව ද වනිඳු වැඩිදුරටත් පවසා සිටියා.
2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11