hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2024 ජූනි 22, ප.ව. 7:10



ඊයේ (20) සහ අද (21) දිනයේ දිවයින වටා මුහුදු තීරයන්ගේ විෂ සහිත ජෙලිෆිෂ් විශේෂයක් හේතුවෙන් පුද්ගලයන් රැසක් රෝහල් ගතකළ පුවතක් වාර්තා වේ.

හලාවත, මීගමුව සහ කොළඹ ප්‍රදේශයන්හි වෙරළ තීරයන්වල මෙම සිදුවීම් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අද (21) දිනයේ පානදුර මුහුදේ දියනාමින් සිටි 10 දෙනෙකු මෙම සිදුවීමෙන් රෝහල්ගත කර ඇත.

මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැටුනු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුවන බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ දිනවල සංචාරයේ යෙදෙන පිරිස් මුහුදු වෙරළ ආශ්‍රිතව ගැවසීමෙන් ප්‍රවේශම් වන ලෙස පොලීසිය දැනුවත් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: