2024 ජූනි 22, ප.ව. 8:41
රූපවාහිනී මාධ්‍යවේදීයකු වන ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.
ඊයේ (21) අලුයම 03.00 ට පමණ මෙම පහර දී ම කර ඇත්තේ ඔහු නවාතැන් ගෙන සිටින කැලණිය ප්‍රදේශයේ නවාතැන්පොළේ දී බවයි කියන්නේ.
පහරකෑමට ලක් වූ ධනුෂ්ක සෙනෙවිරත්න මේ වනවිට හිසට සහ අත පයට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔහු නවාතැනේ නිදා සිටිය දී පැමිණි නවාතැන්පොළෙ හි දොරට තට්ටු කර තිබෙනවා.
එම අවස්ථාවේ දී පැමිණ සිටින්නේ කවුරුන් දැයි ඔහු දොර විවෘත කිරීමට පෙර විමසා සිට ඇති අතර පැමිණ ඇත්තේ පොලීසියෙන් බවට පැවසූ නිසාවෙන් ඔහු විසින් සිය කාමරයේ දොර විවෘත කර තිබුණු බවයි කියන්නේ.
එහිදී තමන්ට පහර දුන් තැනැත්තා තමා සමඟ නවාතැන්පොළේ රැඳී සිටින අයෙකුගේ නමක් කියා එම පුද්ගලයා සිටින්නේ කොහේදැයි තමන්ගෙන් විමසූ බවයි ඔහු කියන්නේ.
එම අවස්ථාවේ දී ධනුෂ්ක විසින් එම පුද්ගලයා නවාතැන්පොළේ නොමැති බව මැර පිරිසට පැවසූවද ඔවුන් නැවත නැවතත් ධනුෂ්කට පහරදී තිබුණු බව කියනවා.
ප්‍රථමයෙන් එක් අයෙකු පමණක් නිවස ඇතුළට පැමිණ ප්‍රශ්න කර ඇති අතර පහරදීමේ දී තවත් දෙදෙනකු නිවසේ එළියේ සිට පැමිණ නිවසෙහි තිබූ පුටුවකින් ඔහුගේ හිසට පහර දුන් බව කියනවා.
ඔහුට පහරදීමට නිවස තුළට පසුව ආ පුද්ගලයින් මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාව සේවය කරන අය බවට ධනුෂ්ක විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා.
එම පහර දීමට ඇතුලත් CCTV දර්ශන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි කියන්නේ.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (21) රාත්‍රියේ දී ම පෑලියගොඩ පොලිසියට පැමිණ භාර ඇති අතර සෙසු සැකකරු අද උදෑසන පොලිසියට භාර වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම සැකකරුවන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙන බවත් වාර්තා වනවා.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි කැඳවුම්කරු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කර වගකිව යුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි.
‘යුක්තිය’ මෙහෙයුම වැනි ක්‍රියාකාරකම්වලින් සිය කීර්ති නාමය ඉහළ නංවා ගැනීමට පොලිසිය උත්සාහ ගන්නා අතරතුර මැර කණ්ඩායම් තමන් පොලිසිය යනුවෙන් පවසමින් මාධ්‍යවේදීන්ට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම සරදම් සහගත බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
2025 ජනවාරි 15, ප.ව. 1:43
2025 ජනවාරි 15, ප.ව. 1:03
2025 ජනවාරි 15, පෙ.ව. 11:48
2025 ජනවාරි 15, පෙ.ව. 11:43
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25