hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 22, ප.ව. 9:00



දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තය බලා පිටත්ව ගියහ.

ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ.

යොවුන් කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වෙයි. නම් කරන ලද ක්‍රීඩකයින් අතර දිනුරට අමතරව පුළිඳු පෙරේරා, හිරාන් ජයසුන්දර, දිනිරු අබේවික්‍රමසිංහ, ශරුජන් ශම්මුගනාතන්, විහස් තෙව්මික සහ යූරි කොත්තිගොඩ මීට පෙර වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදිනු ලබන එක්දින තරග 3 න් පළමු තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර සෙසු තරග දෙක පමණක් දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

මෙම සංචාරයේදී එංගලන්ත 19 පහළ ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එක්දින තරග තුනක් සහ සිව් දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

Example Image