hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 25, පෙ.ව. 12:05



රටවල් කිහිපයක යළි හිස ඔසවා ඇති කුරුළු උණ රෝග කාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව කුරුළු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කළා.

අමෙරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව මෙම රෝගය පළමුවරට වාර්තා වීම දරුණු තත්ත්වයක් බවත් මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය සදහන් කළා.

රෝග ආවේක්ෂණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ඇති බැවින් කුරුළු උණ රෝගය පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය තවදුරටත් සදහන් කළා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: