hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 ජූනි 25, ප.ව. 4:50



නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.

ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පියුමි සිය සමාජ මාධ්‍ය තුළ මෙලෙස සටහනක් තබා තිබෙන ආකාරය දක්නට ලැබුණා.

”…බලන්න නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තියන ආදරේ.

රටේ මිනිස්සුන්ට තියන ආදරේ වෙනුවෙන්ලු මේ සියලුම දේ හොයන්නෙ.

ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි.

බොරුව කියන දේට ආයුෂ නෑ. බොරුව ජය ගන්නෙ නෑ කවදාවත්.

225ගෙම කළු සල්ලි මගෙලු. තව කාගෙවත් සල්ලි එහෙම නැද්ද.

මගෙ ළඟ ඔයාගෙ අම්මගෙ තාත්තගෙ එහෙම සල්ලිත් ඇති.

මගෙ කට අරින්නෙ ලබන සතියෙ සුදු තාත්ති හරිද…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: