hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 ජූලි 01, පෙ.ව. 12:02



දෙරණ නාළිකාවේ ප්‍රකට නිවේදක හසිත විජේවර්ධන පසුගිය දිනෙක (20) දින ‍බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී සුබ මොහොතින් යුග දිවියට එක්ව තිබුණා.

හසිතගේ අතගත් ආදරණීය මනාලිය වුණේ ලියානායි.

තනිකඩ ජිවිතයක් ගත කරන බවට සමාජ මාධ්‍යය තුළින් ඉඟි පළ කරමින් සිටි හසිත මේ විදියට විවාහ දිවියට එළඹීම මිතුරන් අතරේ දැඩි කතාබහට ලක්ව තිබුණා.

තනිකඩ සංගමයේ සටන පාවා දුන් හසිත් ලෙසින් සමාජ මාධ්‍යය තුළ හසිත සහ ලියානාගේ ජායාරූප ශීඝ්‍රයෙන් පැතිර ගියා.

හසිත පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.

මේ ආදර කතාවට වසර කියක් ද?

යාළුවො වගේ දැන හඳුනාගෙන නම් වසර එකහමාරක් වගේ වෙනවා. නමුත් අපේ ආදර කතාවට නම් වැඩි කාලයක් නැහැ.

ඉක්මනින් විවාහ වෙන්න හිතුවේ ඇයි?

ලියානාගේ ෆැමිලි එකම ඔස්ට්‍රේලියාවට යන්න ඉන්නේ. ඒ නිසා පවුලේ ඉල්ලීමත් එක්ක තමයි අපි දෙන්න බඳින්න හිතුවේ.

ලියානාව බිරිඳ කර ගන්න ඕනේ කියලා හිතුණේ ඇය සතු මොන ගුණාංග නිසාද?

එයා හරිම අහිංසක චරිතයක්. ඒ වගේම හුදකලාවේ ඉන්න කැමති කෙනෙක්. එයාට වැඩිය යාළුවො ඇත්තෙම නැහැ. අම්මලා තාත්තලා එක්කම හැදුන කෙනෙක්. වියානා කියන්නේ වැඩිය සෝෂල් නැති කෙනෙක්. මට ඇත්තටම ජීවිතේට ඕනේ වුණේ එහෙම කෙනෙක්. පහුගිය කාලේ මට වෙච්චි දේවල් සහ යාළුවන්ට වුණු දේවල් එක්ක මට ඕනේ වුණේ ගුණයහපත් කමින් හොඳ, හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ ගුණාංග ටික ලියානා ළඟ තිබ්බා. හරිම නිහතමානී මනුස්සකමෙන් පිරි කෙනෙක්. ඒ නිසා මට හිතුණා මගේ ජීවිතේට ඕනේ මේ වගේ කෙල්ලෙක් කියන එක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: