2024 ජූලි 02, පෙ.ව. 12:04
“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍යව සිට දිවි බේරාගත් ධීවරයා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් ඊයේ උදෑසන ඔහු හම්බන්තොට වරාය වෙත රැගෙන ආවා.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් ‘MV KOTA CAMIL’ නමැති වෙළෙඳ නෞකාවක් මඟින් ඊයේ දින මුදවා ගැනීමට කටයුතු කර තිබුණා.
එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට ඇති අතර අසාද්‍ය තත්ත්වයේ සිටි අනෙක් ධීවරයා විජයබාහු නෞකාව වෙත ඊයේ සන්ද්‍යාවේදී භාර ගෙන තිබුණා.
මෙම බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වනදා තංගල්ල ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා යාත්‍රා කොට ඇත්තේ ධීවරයන් 6 දෙනෙකුද සමගිනි.
ඔවුන් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතරවාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක තිබූ දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කර ඇති අතර ඔවුන් රෝගාතුර වී ධීවරයින් හය දෙනාගෙන් සිව්දෙනෙකුම එම යාත්‍රාවේදීම මියගොස් තිබුණා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26