2024 ජූලි 02, පෙ.ව. 12:02
ජනාධිපතිවරණය මෙම ජුලි මස නිවේදනය කිරීමට නියමිතව තිබියදී සිපෙට්කෝ නව ඉන්ධන පිරවුම්හල් 100ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබාදී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති සදහන් කරයි.
ලංකා ඉතිහාසයේ මෙවැනි විශාල ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවකට එකවර අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය බවත් පිරවුම්හල් 100ක් වැනි විශාල සංඛ්‍යාවකට අනුමැතිය ලබාදීම පිළිගත නොහැකි බවද වෘත්තිය සමිති සඳහන් කරයි.
මෙවැනි විශාල පිරවුම්හල් සංඛ්‍යාවක් එකවර ඉදිරිකිරීම සැක සහිත බවත් මෙම පිරවුම්හල් පැවරීමේ ගණුදෙනු සැකසහිත මෙන්ම ඒවායෙන් වැඩි සංඛ්‍යාවක් දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතවතුන්ට පවරා ඇති බවද වෘත්තිය සමිති සඳහන් කරයි.
ඩොලර් නොමැතිවීමට පිළියමක් ලෙස ඉන්ධන ආනයනය කිරීමට ඛනිජ තෙල් සංස්ථාව යටතේ තිබූ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පිරවුම්හල් 450ක් විදේශ පෞද්ගලික සමාගම්වලට ලබාදී නව පිරවුම්හල් ඉදිකිරීම පිළිගත නොහැකි බවද වෘත්තීය සමිති සදහන් කරයි.
2026 ජනවාරි 18, ප.ව. 7:14
2026 ජනවාරි 18, ප.ව. 4:57
2026 ජනවාරි 18, පෙ.ව. 12:35
2026 ජනවාරි 18, පෙ.ව. 12:32
2026 ජනවාරි 18, පෙ.ව. 12:29
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26