hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2024 ජූලි 04, පෙ.ව. 12:01



ලංකා ප්‍රිමිය ලීගයේ ඊයේ පැවති Colombo Strikers සහ Kandy Falcons කණ්ඩායම් අතර තරගයෙන් Colombo Strikers ලකුණු 51ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතරම මෙම තරගෙයේදී කැන්ඩි නායක වනිඳු හසරංග සිදු කළ ක්‍රියාවක් සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලා තුල විශාල වශයෙන් පැතිර යනවා.

එහි සඳහන් වෙන්නේ වනිඳුගේ පන්දුවකට තිසර එල්ල කළ පහරක් නවත්වා ගැනීමට නොහැකි වීම ගැන තවත් ක්‍රීඩකයකුට බැන වදින ආකාරයේ වීඩියෝවකුයි.

ක්‍රීඩාලෝලීන් මේ සම්බන්ධව විවිධ මත සමාජ ජාලා තුල පළ කර තිබෙනවා.

” මල්ලි මොනාද කරන්නේ ? මොළේ කල්පනා කරන්න.” යනුවෙන් ඔහු පවසන ආකාරය එම වීඩියෝවේ සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: