hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 04, ප.ව. 1:15



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති ලොරියක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 35 දෙනෙකු රෝහල් ගතකළ බව මාදම්පේ පොලිසිය පවසයි.

ඒ අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙනවා.

අද (04) උදෑසන හලාවත හරහා කොළඹ බලා ගමන්ගත් ලංගම බස්රථය එහි අධික වේගය පාලනය කරගත නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී ඇත.

අනතුරින් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව වාර්තා වෙනවා.

වැසි සහිත කාලගුණික තත්ත්වය අතරතුර අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුව බව පොලිස් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.