2024 ජූලි 06, ප.ව. 3:21
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසා සිටියේ, මින් පෙර අවස්ථාවකදී රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් තොගයක් මෙරටට ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් තිබී හමුවූ බවයි.
පසුගිය ජනවාරි මස කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර එම භාණ්ඩ බාර ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් සැඟව සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කිහිපයක් ක්‍රියාත්මක කර තිබිණි.
සැකකාර ව්‍යාපාරිකයාට මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක්ද හිමි අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි නිළදාරීන් කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ව්‍යාපාරිකයා මීට මාස කිහිපයකට පෙර නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත රැඳී සිටියදී එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට පත්වූ අතර ඉන්පසු සැකකරු එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බවද අනාවරණය වී ඇත.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24