2024 ජූලි 11, පෙ.ව. 12:04
අනන්‍යතාව හෙළි කිරීමකින් තොරව ලබාගත් සිම් කාඩ්පත් මිලියන දෙකක් පමණ රට තුළ ඇති බව තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ සිම්කාඩ් පත් ලබා ගැනීම සඳහා සාවද්‍ය තොරතුරු ලබා දීම මෙතෙක් ගැටළුවක්ව පැවැති බවයි.
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව විවාදය ආරම්භ කරමින් ඔහු පවසන්නේ මෙම පනත මගින් ගෙනන සංශෝධන මගින් එකී අවධානය නැති කරන බවයි.
සිම් කාඩ්පතක් ලබා ගැනීමේදී හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් අපරාධ හා ජාවාරම් සඳහා එම සිම්කාඩ් පත් යොදා ගැනීම හේතුවෙන් ඒවා සම්බන්ධව තොරතුරු සොයා ගැනීමට ද අපහසු වී ඇති බවයි අමාතයවරයා පවසන්නේ.
මේ හේතුවෙන් මින් ඉදිරියට එවැනි අවධානමක් ඇති නොවන බවත් එම තත්ත්වය මින් ඉදිරියට නැති කරන බවයි අමාතයවරයා අදහස් දක්වමින් පැවසුවේ.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 5:23
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 11:17
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:30
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:23
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:10