2024 ජූලි 12, පෙ.ව. 12:04
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ජන මත විචාරණයකට යාමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දෙයි.
ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර මන්ත්‍රී ප්‍රමාණයකින් සම්මත කරගෙන ජනමත විචාරණයක් කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන්ම නියෝග කරන ඇති බවද ඔහු පැවසුවා.
ජන මත විචාරණයක් කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් වත් ලබා ගැනීමට ආණ්ඩුවට මේ මොහොතේ හැකියාවක් නැති බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියා.
මෙම උත්සාහය පරාජය කිරීමට නම් මැතිවරණ කොමිසම තමන්ට බලය ලැබෙන පළමු අවස්ථාවේම 17 වෙනිදාම ජනාධිපතිවරණය කැඳවීම නිවේදනය කළ යුතු බවත් හෙතෙම සදහන් කරයි.
එම කැඳවීම කල් දැමීම් කල් ගත කළහොත් සිදුවන්නේ ආණ්ඩුවේ කූට උපක්‍රමය සාර්ථක වීමට අවශ්‍ය කාලය ලැබීම බවත් හෙතෙම තවදුරටත් පැවසුවා.
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:28
2025 මැයි 11, පෙ.ව. 12:21
2025 මැයි 11, පෙ.ව. 12:18
2025 මැයි 11, පෙ.ව. 12:13
09-05-25
09-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25