hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 ජූලි 11, ප.ව. 8:08



ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.

එසේම ඔහු ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙයි.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, “ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට කළයුතු උපරිමයෙන් මම කරනවා.

එසේම මගේ කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වනවා…” යනුවෙන්.