2024 ජූලි 13, පෙ.ව. 12:04
ගලබොඩඅත්තේ ඥානසාර හිමි 2016 වසරේ සිදු කළ වරදකට වසර හතරක සිරදඬුවම් විඳිමින් ඇතැයි අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අල්ලහ් දෙවියන් සම්බන්ධයෙන් එහිමියන් සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන් ගොනු කළ නඩුවකට මෙම තීන්දුව ලැබුණු බවයි.
කෙසේ වුව ද මෙම සිදුවීමෙන් අනතුරුව ඥානසාරි හිමි එවැනි වරදක් නොකළ බවත් වසර 5-6ක් තිස්සේ රටේ සංහිඳියාව උදෙසා කටයුතු කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.
පසුගිය කොවිඩ් වසංගත සමයේ ආදාහනය අනිවාර්ය කළ විට ඊට එරෙහිව මුස්ලිම් ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි එකම භික්ෂුව ඥානසාර හිමි බවත් එහිමියන් ජනාධිපතිවරයාට පවා කරුණු දක්වමින් මුස්ලිම් ජනතාවගේ භූමදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටි බවත් ඔහු ප්රකාශ කරයි.
තමන් අතින් වූ වරද පිළිබඳ අධිකරණයේ දී සමාව අයැද සිටිම නිසාත් අනතුරුව රටේ සංහිඳියාව උදෙසා කටයුතු කිරීම සලකා බලා ඥානසාර හිමියන්ට නිදහස ලබා දීමට මැදිහත් වන ලෙස මුස්ලිම් ප්රජාවෙන් ද මුස්ලිම් ආගමික සහ දේශපාලන නායකයන්ගෙන් ද ඉල්ලා සිටින බව ඕෂල හේරත් වැඩිදුරටත් කියා සිටියා.
දහස් ගණනක් ඝාතනය කළ අංගුලිමාල මහ රහතුන් වහන්සේ නමක් වූයේ නම් ඥානසාර හිමියන්ට ද නිවැරදි වී සමාජයට විශාල සේවයක් කළ හැකි බවත් ඒ සඳහා අවස්ථාව ලබා දීම කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:04