hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 ජූලි 15, පෙ.ව. 11:13



ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ PINK DAY වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රට තුළ පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීම සදහා අරමුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව LPL තරගාවලියේදී හයේ පහරක් සහ හ‍තරේ පහරක් හා කඩුල්ලක් දැවී යාම් වන සෑම අවස්ථාවකදීම අදාළ අරමුණ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

එක් හයේ පහර් සදහා රුපියල් 10000ක්ද හතරේ පහරක් සඳහා රුපියල් 4000ක් සහ කඩුල්ලක් සඳහා රුපියල් 6000ක් පරිත්‍යාග කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මෙවර LPL තරගාවලියේ අවසන් තරගය වන තෙක් මෙම පරිත්‍යාගය සිදු කිරීමට නියමිතයි.

ඊයේ පැවැති LPL තරග දෙකද මෙම වැඩසටහන වෙනුවෙන් වෙන්කර තිබුණා.