hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූලි 17, පෙ.ව. 12:02



චිලී තිවංක කියන්නේ ගායකයින් අතර මුරණ්ඩු ආඩම්බර චරිතයක් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ප්‍රතිචාර දක්වා තියෙනවා.

තාරුණ්‍යයේ හදවත්වලට ආදර ගීතයෙන් ආමන්ත්‍රණය කළ චිලී දැන් වෙනස්ම චරිතයක් බවට පත් වෙලා.

ඒ ආදරණීය දරුවන් දෙදෙනෙකුට ආදරණීය පියෙක් වූ නිසා.

කාලයක් නිහඬව හිටපු චිලිව ළඟදීම සිනමාවෙනුත් දකින්න ලැබෙනවා.

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් චිලි සිය අදහස් මෙසේ දක්වා සිටිනවා.

චිලීව දැන් අලුත් නිර්මාණ එක්ක දකින්න ලැබෙන්නෙ නැහැ. ඇයි ඒ..?

මගේ ජනප්‍රිය වූ ගීත දහයක් විතර තියෙනවා. අලුත් ගීත කරන්න කලින් ඒ ගීතවලින් කිහිපයක් කවර් සෝංග්ස් විදිහට කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. අලුත් ගීත කරන්න ලොකු වියදමක් දරන්න ඕන. පසුගිය කාලයේ ඒ වගේ වියදමක් දරලා ගීත කරන්න පුළුවන් මට්ටමක් තිබ්බේ නැහැ. දැන් නම් අලුත් ගීතයක් කරන්න කාලේ හරි කියලා හිතනවා.

ඉස්සර ප්‍රසංග වේදිකාවට තිබුණු ඉල්ලුම දැන් නැද්ද ..?

ඇත්තටම කිව්වොත් මම ජනප්‍රිය වූ කාලේ ඒ තරම් ප්‍රසංග වේදිකාවට ඉල්ලුමක් තිබ්බේ නැහැ කිව්වොත් හරි. මොකද බොහෝ දෙනෙක් ඒ කාලේ මම ගැන වෙනම ප්‍රතිරූපයක් මවාගෙන හිටියේ. මට ආරාධනා කළොත් මම සම්බන්ධ වෙන එකක් නැහැ. මගේ අය කිරිම් ඉහළයි වගේ අදහසක්. ඒ වගේම මම රසිකයින්ට කිට්ටු නැහැ ඒ කියන්නේ මම ෆැමිලියර් නැහැ වගේ අදහසක්. ඒත් දැන් ඒ අදහස් රසිකයින් තුළත් නැහැ කියලා මට ලැබෙන ආදරෙන් තේරෙනවා. ඉස්සරට වඩා දැන් මට ඉල්ලුම වැඩියි. දුර පළාත්වලිනුත් මට දැන් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. මමත් හරි කැමැත්තෙන් සම්බන්ධ වෙනවා.

බොහෝ දෙනෙක් ඔබව දකින්නෙ මුරණ්ඩු හිතුවක්කාර චරිතයක් හැටියට ..?

ඔව්. බොහෝ දෙනෙක් මම hyperactive කෙනෙක් විදිහට දකින්නේ, හරි මුරණ්ඩු චරිතයක් විදිහට. මම කාලයක් එහෙම කෙනෙක් තමයි. නමුත් දැන් මම එහෙම නැහැ. කතාබහ කරන විදිහ තවම වෙනස් වෙලා නැති නිසා එහෙම හිතන අය ඉන්නවා. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම් ඊයේ පෙරේදා දවසක වුණු. දමිත් අසංක මට සංගීත ප්‍රසංගයක් සඳහා ආරාධනා කළා. ඔහු කිව්වා ප්‍රචාරණ කටයුතු සඳහා මට වීඩියෝ එකක් එවන්න කියලා මම යැව්වා. එයා මට කතා කරලා කිව්වා මචං මම දන්නවා ඔයා හොඳ කෙනෙක් කියලා. හරිම සපෝටිව් අපි ආරාධනා කළාම ගණන්වත් කතා නොකර වැඩේට එන්නම් කිව්වා. ඒත් මචං මේ වීඩියෝ එක දැක්කොත් උඹ ගැන වැරදියට හිතයි කියලා. මම කතා කරන විලාශයේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා මම දැන් තේරුම් අරන් හරි සංයමයකින් කතා කරන්න මම දැන් උත්සාහ කරනවා,

ඔය නොකියා කියන්නේ විවාහයෙන් පස්සේ චිලීගේ හිතුවක්කාර මුරණ්ඩු ජීවිතේ විවාහයේ වගකීම් එක්ක වෙනස් වුණා කියලද..?

අදටත් මට තරහා යන අවස්ථා නැතුව නෙමෙයි. නමුත් ඉස්සර වගේ හිතුණු දේවල් කරන්නෙ නැහැ. මම ඉස්සර යාළුවෝ හරියට ආශ්‍රය කරපු කෙනෙක්. ඒත් දැන් යන වැඩේ කරගෙන ගෙදර දුවලා එන්න උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙලා. ඒකට හේතුව පවුලට දැන් තියෙන බැඳීම් වැඩි නිසා තමයි.

ඒ වගේම තමයි මම ඉස්සර ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න හිතපු නැති කාලෙක තමයි රීනී මගේ ජීවිතේට එන්නේ. ඒත් එක්ක එයා මුල් කාලේ මට නිදහසේ ජීවත් වෙන්න දුන්නා. කල් යද්දී මට නීතිරීති දාන්න පටන් ගත්තා, ඒත් එක්ක රිලේෂන්ෂිප් කියන්නේ කරදරයක් කියලා හිතුවත් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එක ඒ නීතිරීති එක්ක අඩු වෙලා ගියා. ඒ නිසා රීනී මගේ ජීවිතේ හරි පැත්තට වෙනස් කළා කියන්න පුළුවන්. මට ආදරේ කරන රසිකයින් දැන් මගේ වෙනසක් දකිනවා. ඉස්සර වලියට බර වෙලා වගේ හිටපු මම වෙනස් වෙලා කියලා හරි ආදරේන් කතා කරනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: