hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 18, පෙ.ව. 10:24



සියලු සත්වයින්ට කරුණාව, දයාව, මෛත්‍රීය පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

බුදුන් වඳින්න එන ඌරු පැටියා විදිහට අපේ රටේ කා අතරත් ප්‍රසිද්ධ, අපේ රටේ සුන්දර සිරි නරඹන්න, බෞද්ධ සිද්ධස්ථාන දැකබලාගන්න, වැඳපුදාගන්න ලංකාවට එන ලක්ෂ සංඛ්‍යාත විජාතික සංචාරකයින් අතරත් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන, හැමෝම එක්ක හුරතල් වෙන්න ආස ඌරු පැටියා තමයි අකීරා කියන්නේ.

දෙස් විදෙස් හැමෝගේම ආදරය නොඅඩුව ලබපු පිංකාර “අකීරා” මහා සංඝරත්නයේ පාංශුකූල කටයුතු මැද අවසන් ගමන් ගියා.

ඉතාමත්ම නිරෝගීව සුවසේ සිටි අකීරා හෘදයාබාධයක් වැනි හදිසි තත්වයක් නිසා මරණයට පත් වී තිබෙනවා.

හැමදාම පිරිත් අහපු, බණ අහපු, පොඩිහාමුදුරුවන්ගේ යාළුවා වෙලා හිටපු, හැමෝම ආදරය කරපු පින්වන්තම අපේ “අකීරා” ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: