hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2024 ජූලි 19, ප.ව. 1:27



ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර, බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇති බව සඳහන්.

මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබෙනවා.

බි්‍රතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකින් ප්‍රධාන වශයෙන් මෙම තත්වය වාර්තා වී ඇති අතර, ලන්ඩන් කොටස් වෙළඳපොලටද මේ හේතුවෙන් බලපෑම් එල්ලවී ඇතැයි සඳහන්.