2024 ජූලි 20, පෙ.ව. 12:04
            
අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ සත්දින පිංකම් කටයුතු පසුගියදා සිදු වුණා.
ඔහුගේ එම පිංකම් කටයුතු ලංකාවේදී සිදුවුණා වගේම විදේශයකත් ඔහු වෙනුවෙන් දානමය කටයුත්තක් සිදු කර තිබුණා.
ඒ ඔහුගේ පොඩි පුතා විසින්.
මේ අතරම ක්ලබ් වසන්තගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පසුගිය කාලයේ ඔවුන්ගේ පවුල සමගින් සිටි අයට ස්තූති කිරීමටත් අමතක කර තිබුණේ නැහැ.
” අපගේ ආදරණීය පියාණන්ගේ වියෝව ගැන ශෝක වන අතර, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී උදව් උපකාර කළ ඥාතීන්, මිතුරන්, අසල්වාසීන් සහ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.
අපගේ ආදරනිය පියාණන්ගේ අවමංගල්‍යයට වූ ඔබගේ සහභාගිත්වය මෙන්ම අපට පුද්ගලිකව, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය හරහා එවන ලද සියලුම ශෝක පණිවිඩද අපි ඉතා අගය කරමු.
ඔබගේ කාරුණිකත්වයද අප හා එක්ව ශෝකය බෙදා ගැනීම පිලිබදවද අපි ඔබට ස්තූතිවන්ත වන අතර මෙම කාලය තුළ අප පවුලට දක්වන ලද සහයෝගය අගය කර සිටිමු.”


                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25