hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 20, ප.ව. 7:56



මෙවර 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනාහට ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම යටතේ  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්, රුපියල් ලක්ෂ 60 ක මුල්‍ය අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීම අද සිදු කරනු ලැබීය.

මීට අමතරව චීනයේ Hangzhou හි පැවති ආසියානු ක්‍රීඩා සහ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී පදක්කම් සහ මුල් ස්ථාන අට දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂ 1280 ක ත්‍යාග මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමද සිදු විය.

එමෙන්ම බදුල්ල හද්දත්තාව ජාතික පාසලේ රග්බි ක්‍රීඩකයින් හට අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල පිරිනැමීමද මෙහිදී සිදු වුණා.