hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 ජූලි 23, ප.ව. 12:48



සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට ගන්නවායැයි කියූ විසි පස් ද්‍ර්නා ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

පසුගිය සතියේදී පොහොට්ටුව ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස සිටින තාක් කල් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුව සමග එක් නොවන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව ප්‍රකාශ කර තිබිණි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කර ගැනීමට පොහොට්ටුව බාධාවක් නම් පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වීමටද සූදානම් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවසුවා.

එම නිසා තවත් කල් නොයවා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු විසිපස් දෙනා ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: