2024 ජූලි 25, පෙ.ව. 12:02
සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය සාකච්ඡා තියන තියන සැරේට ඒවට පිළිතුරු සපයන්න අපි අතර ප්‍රශ්නෝත්තර තරගයක් හෝ වාද පිටියක් නොමැති බවත් මෙතන පවතින්නේ ජාතික ගැටලුවක් බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූවා.
සිරගතව සිට ඇපමත නිදහස ලැබීමෙන් පසු ඊයේ (24) දින මල්වතු අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීම පිණිස මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මේ බව පැවසූවා.
තවදුරටත් අදහස් පළ කළ ඥානසාර හිමියෝ මෙසේද පැවසූවා.
“මම එදා කාදිනල් උන්නාන්සේ හම්බවෙලා මුස්ලිම් ත්‍රස්තවාදය ගැන හෝ ක්‍රිස්තියානි වරුන්ට තියෙන තර්ජනය ගැන කතා කළේ නෑ කියලා සිරිල් ගාමිණී උන්නැහේ කියනවා. එයාලට ඒවා මතක නැත්නම් මම මතක් කරන්නම්. එදා මම කාදිනල් තුමන් මුණ ගැහෙන්න ආවේ එවකට මුදල් ඇමති රවි කරුණානායක එක්කයි. එයාලට ඕනේ නම් රවී කරුනානායකගෙන් ඒ ගැන අහන්න පුළුවන්. මේ අය මේ කොහේවත් ඉඳලා අපේ රටට ඇවිල්ලා. ඒත් අපි සහජීවනයෙන් ජීවත් වෙනවා. මේ අයට ප්‍රශ්න ඇති කරන්නේ නෑ .මෙතන තියෙන්නේ දෙවියෝ දෙවියෝ අතර ප්‍රශ්නයක්. දෙවියො කෙල ගන්නවා. අපි තැලෙනවා. මේවට මැදි වෙලා මම හිරේ යන්නේ මොකටද.අපි කතා කරන්නේ අපේ උරුමය ගැන. සිරිල් ගාමිණී උන්නැහෙට මම කියන්නේ අපි ජාතිවාදයක් ගැන කතා කරන්නේ නෑ. අපි අපේ ජාතික උරුමය ගැන කතා කරන්නේ. අද ලංකාවේ ඕන තැනකට ඇවිල්ලා ඕන කෙනෙකුට ක්‍රිස්තියානි පල්ලියක්, ඉස්ලාම් පල්ලියක් හදන්න පුළුවන්. නමුත් අපිට නැගෙනහිර ගිහිල්ලා, උතුරේ ගිහිල්ලා අපිට අවශ්‍ය විදියට පන්සලක් හදන්න පුළුවන්ද. මේක තමයි ජාතිවාදය.
ඉස්ලාම් ත්‍රස්තවාදය එමගින් ක්‍රිස්තියානි ජනතාව ඉල්ලවන අවධානම පිළිබඳව මේ සම්බන්ධයෙන් මම කාදිනල් තුමන් දැනුත් කළා. ඒකට සාක්ෂි තියෙනවා. මේ අය සුද්ධවූ බයිබලයේ, සුද්ධවූ කුරාණය අත තියලා බොරු කියනවා. යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් රැසක බෞද්ධ විහාරස්ථාන තියෙනවා. ඒවායේ ඉන්න භික්ෂූන් වහන්සේලා කවදාවත් කල්ලි ගැහිලා රටේ උරුමයන් බෙදාගන්න රණ්ඩු කරනවද. ඕනෑම රටක , ඕනෑම ආගමක් අදහන ජනතාව එක්ක සහජීවනයෙන් ජීවත් වෙනවා. කුලල් කාගන්න යන්නේ නෑ. ඒ රටවල් වල උරුමය හෝ කෑලි බෙදාගන්න යන්නේ නෑ. ආගම් නමින් අන්තවාදය වපුරන උන්මත්තකයින්ට ඉඩ දී බලා සිටිය නොහැකි බවත් ඔවුන් තලා විනාශ කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය එල්ල කළේ අඟහරු ලෝකයෙන් පැමිණි පුද්ගලයින් නොව මෙරට පුද්ගලයින් පිරිසක් බවත් ඔවුන් එම තත්ත්වයට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධ ප්‍රශ්නය සුළුවෙන් තැකිය නොහැකි බවත් උන්වහන්සේ සඳහන් කළා.
එහිදී උන්වහන්සේ මෙසේ ද සඳහන් කළා.
මාස හතරක් බන්ධනාගාර ගතවෙලා හිටියා. මහා සංඝරත්නය මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක මගේ නිදහස සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කිරීමෙන් පසු මූලස්ථාන වලින් ඒකාබද්ධ නිවේදනයක් ඉදිරිපත් කළා. ඊට අදාළ කටයුතු සම්පාදනය වෙමින් තිබුණා. නමුත් පැමිණිලි පාර්ශවය වෙතින් ඒ අයගේ විරෝධතාවක් නොමැති බව දැක්වෙන ලේඛණයක් ලබා ගන්න බැරි වුණා. ඊට පසු ඇප ලබාගෙන පිටතට එන්න අවස්ථාව ලැබුණා. සත්‍ය කතා කිරීමට අපි බිය විය යුතු නැහැ. ඒවා නිතීය ඉදිරියේ දී කොහොම අර්ථ ගන්වනවාද කියන එක වෙනම කාරණයක්. මහත්මා ගාන්ධි නෙල්සන් මැන්ඩෙලා කී පාරක් හිරේ ගිහින් තිබෙනවා ද?. හිරේ යන්නේ ඇයි. හිරේ යන්න වුණු කාරණය ගැන පමණයි මිනිස්සු කතා කරන්නේ. ආගම් කියන කතා වලට වඩා අපට වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වය යි. පාස්කු ප්‍රහාරයක් වුණානේ. ඒක කළේ අඟහරු ලෝකයෙන් ආපු අය නෙවෙයි. අපේ රටේ මිනිස්සු. මරාගෙන මැරෙන චින්තනයක් ඒ හිත් වලට ආවේ කොහොමද? . ඒක ඇති කළේ කවුද?.
මේ මුග්ධ දේශාපලන කල්ලි අවිද්‍යාත්මක දේශාපලන ධාරාවේ නායකයෝ එකතු වෙලා කාදිනල් තුමත් මුල් කරගෙන කතා කරන්න ගත්තා මේක දේශපාලන ප්‍රශ්නයක් කියලා. මේක අන්තවාදී ආගමික ප්‍රශ්නයක් කියන්න ඉඩක් නැහැ. ඇත්ත ප්‍රශ්නයක් තිබෙනවා. ජාතික ජනබලවේගය සමග කෝන්තර නැහැ. ඓතිහාසික භික්ෂූ භූමිකාවක් අපිට තිබෙනවා. රනිල් ට වැඩ කළොත් ඒ නිකායේ කියනවා. රාජපක්ෂ ට වැඩ කළොත් ඒ නිකායේ කියනවා. එහෙමනම් අනුර එක්ක වැඩ කරන අය අනුර ගේ නිකායෙ ද?. සියල්ල කරන්නේ දේශපාලන බලය එක්ක. එයා ආවම අගමුළු හොයනාවලු. ආණ්ඩු එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එතකල් මේවා හංගාගෙන ඉන්නද?. අගමුල දන්නවා නම් කියන්න. මේ අය කොහේද ඉන්නේ.ඔක්කොම දන්නවා. කියන්නේ නැහැ. ඇත්ත දන්න අපි ඒ ගැන කිව්වම අපිට ගහනවා. දේශපාලනය කියන්නේ කැලෑවක්. ඒක ඇතුළේ තමයි මේ අය හැංගෙන්නේ.කාලයක් හිටියා රාජපක්ෂ කඳවුරේ හැංගලා.
ඊට පස්සේ යහ පලාන ආණ්ඩුවේ. සැබෑ ඉස්ලාම් ආගමට අපහාසයක් වන ලෙස මේ මරාගෙන මැරෙන කල්ලි බිහි වුණේ. රාජපක්ෂ සමයේ කිව්වම මහින්ද ගේ ඡන්ද කඩන්න කොන්ත්‍රාත් එක කරන්නේ කියනවා. මේක රාජපක්ෂ රනිල් අනුර ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තිබෙන්නේ රට පිළිබඳ ප්‍රශ්නයක්. කවුරුන් හෝ මජර විදිහට මේක හසුරුවනවා නම් අපිට කතා කරන්න අයිතියක් නැද්ද. මම කියන්නේ ත්‍රස්ත කල්ලි වලට දේශපාලන කඳවුරු වල හැංගෙන්න දෙන්න එපා. මිත්‍යා බලවේග ගොඩ නැගෙමින් තිබෙනවා. සියලු සාක්කි තිබෙනවා.පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්නේ. වසරක් හරි මාස හයක් ඕකේ ඉදලා අන්තවාදී මූලධර්මවාදී න්‍යායන් ගැන කතා කරන්න නීති හදන තැනට බලපෑම් කරන්න තමයි මම පාර්ලිමේන්තු යන්න ගියේ. වචනයක් වැරදුනොත් වෛරී සහගත ප්‍රකාශයක් කියලා අපිට නඩු දානවා. දේශපාලන මුග්ධ අධම නායකයෝ නිසා ප්‍රශ්න දේශපාලනීකරණය කළා.
මෙම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන, රාවණා බලකායේ මහලේකම් පූජ්‍ය ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමිවරු ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.
2025 මැයි 16, පෙ.ව. 10:12
2025 මැයි 16, පෙ.ව. 9:46
2025 මැයි 16, පෙ.ව. 12:35
2025 මැයි 16, පෙ.ව. 12:27
2025 මැයි 16, පෙ.ව. 12:16