hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 27, ප.ව. 1:47



සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්‍ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කළැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුගේ සේවය තහනම් කර ඇතැයි වාර්තා වනවා.

අදාළ කංසා තොගය පොලිසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කළ බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් ප්‍රකාශ කළේ.

මොහු රාජකාරිය පැහැර හැර ඇති බවත් වාහනයේ කංසා තිබුණු බවට පොලිස් නිලධාරීන් වාහනයේ ගමන් කළ තරුණයන්ට චෝදනා එල්ල කළේ නම් එම කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා අවධාරණය කළා.

සමාජ මාධ්‍යයේ දකින්නට ලැබුණු ආකාරයට වාහනයේ ගමන් කළ තරුණයන් මෙම කංසා පොලිස් නිලධාරියා දැමූ බව පුන පුනා ප්‍රකාශ කරන ආකාරය දකින්නට ලැබිණි.

මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් වෑන් රියේ තිබූ බව කියනු ලබන කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන්ට අසීරු වූ බවද අදාල වීඩියෝ දක්නට ලැබෙනවා.