2024 ජූලි 29, පෙ.ව. 12:02
මේ සිද්ධිය ගැන අද වෙද්දී එක එක කතා ඇසුණත්, තවමත් සිදුවූයේ කුමක්ද යන්න නිවැරදිව තහවුරු කරගැනීමට පොලීසිය වෙහෙසෙනවා.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්තානයක් විවෘත කරන්න ආව ක්ලබ් වසන්තය සිදුවුණ දේ හොඳ සැලසුමක් අනුව කරපු දෙයක්..
මේ කියන්නේ අන්න ඒ ගැනයි..
ඝාතකයන්ට ලැබුණ විධාන අනුව ඔවුන් මේ කාර්ය සිද්ධ කරලා තිබුණා..
“උඹලට උන් දෙන්නා කවුද කියලා වැඩක් නෑ. උඹලට දුන්න ජොබ් එක විතරක් හරියට කරපන්. උන් දෙන්න එක්ක උඹලා කතාවට යන්න ඕන නැහැ. මම ඒ ටික කරන්නම්.”
ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ කරගත් කිහිපදෙනාට ඒ ලොකු පැටී දුන් නියෝගය එයයි.. ඒ නියෝගය කඩකිරීම එතරම් සුබදායී නොවන බව සැවොම දැන සිටියා.. ලොකු පැටීට ඇති බියත් පක්ෂපාතීත්වයත් නිසා ඔවුන් තම තමන්ට පැවරූ රාජකාරිය නිවරැදිව ඉටු කළා මිස වසන්ත මැරූ තුවක්කුකරුවන් කවුද යන්න සොයන්නට ගියේ නැහැ..
කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ තුවක්කුකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන අවසන් බවයි.. ඔවුහු යුද හමුදා පුහුණුව ලැබූ අය වෙනවා.. එමෙන්ම හමුදා සේවය අතහැර ගියවුන් බවද පොලිසියේ සැකයයි..
වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් රටින් පලාගිය බැව් සමහරුන් කියතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ ඔවුන් තවමත් මෙරට රැඳී සිටින බවයි… වසන්ත ඝාතන සැලැස්මේ ප්‍රධාන භූමිකාව සිදුකළේ මෙම තුවක්කුකරුවන් දෙදෙනායි.. ඒ රුපියල් කෝටි ගණනක මුදලකට විය යුතුයි.. කෙසේ වෙතත් ඔවුන් මෙහෙය වූයේ ඩුබායි සිටයා.. ටී- පනස් හය ඔවුන් අතට ලැබුණේ එරටින් ලැබුණු නියෝග මතයි.. කෙසේ වෙතත් තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරය ලොකු පැටි ඩුබායි සිට සිය ජංගම දුරකථනයෙන් සජීවිව නැරැඹුවා… ඔහුට ඉන් දැඩි සතුටක් ඇති වුණා… ඒ සිය අරමුණ ඉටුවීම නිසායි…
ලැබුණු උපදෙස් මත පනාගොඩ හමුදා කඳවුර අසලට ගිය ඔහු කඳවුර ආසන්නයේ නතර කර තිබූ වෑන් රීය රැගෙන විත් බෙලිඅත්ත දම්මුල්ල, ගල්වඩු ගෙදර නිවෙසේ නතර කර තැබීමට වගබලාගෙන ඇති අතර, වෑන් රථයේ බැටරිය බැසීමට ඉඩ නොතබා දෛනිකව එහි එන්ජිම ක්‍රියාත්මක කරමින් එය ධාවන තත්ත්වයේ තබා ගැනීමටද ඔහු කටයුතු කර තිබුණා… දුරකථන ඇමැතුමක් ලබාදුන් සැණින් වෑන් රිය අදාළ තැනට ගෙනැවිත් දිය යුතු බව ඩුබායි වලින් ලැබුණු නියෝගය වුණා..
එම වෑන් රියෙන් මඳ දුරක් ගොස් ඉන්පසුව ඔවුන් ගොඩ විය යුත්තේ බස් රියකටයි… බසයක් මිලදී ගැනීම සඳහා ලොකු පැටී රුපියල් ලක්ෂ 40ක් සිය ඥාතියකුට එවූ අතර එම ඥාතියාගේ බිරීයගේ පියාගේ නැඟණියගේ පුතා ලොකු පැටීයි… ඒ ඥාතිකම සහ විශ්වාසය මත රුපියල් ලක්ෂ 40ක් මෙරටට එවීමෙන් පසු ගලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් බස් රථයක් මිලදී ගැනීමට ඥාතියා උත්සුක වුණා..
බස් රියක් මෙවන් පොතොල ප්‍රහාරයක් සඳහා යොදවා ගන්නේ පළමු වතාවටයි… ඊට එක් හේතුවක් වන්නේ ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් බස් රියකට ගොඩවී පලා යනු ඇතැයි පොලිසිය කෙසේවත් නොසිතන නිසා වන්නට ඇති අතර, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රථය කතරගම තෙක් ධාවනය කළ යුතුයි…
අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබූ දැන්වීමකට අනුව රුපියල් ලක්ෂ 40 ක් ගෙවා බස් රිය මිලදීගෙන තිබුණා.. බස් රිය මිලදී ගෙන තිබුණේ මිරිස්ස පොල් අතුමෝදර පදිංචිකාරියක් වූ 21 යේ හැවිරිදි සංජුලාගේ නමටයි… ඇගේ සැමියා වූ අසංග සිටින්නේ හිරේය..
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24