hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 29, ප.ව. 2:04


ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද නිවේදනය කළා.

කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන ලද ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ශක ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් එම සන්ධානයේ නියෝජිත ළහිරු වීරසේකර මේ බව ප්‍රකාශයට පත් කළා.

ළහිරු වීරසේකර මහතා මෙහිදී සඳහන් කළේ පවතින සංකීර්ණ දේශපාලන තත්වය හමුවේ මෙරට සමාන්‍ය ජනායාගේ අභිලාෂය ඉදිරියට ගෙනයාමේ අරමුණ මුල් කරගනිමින් වෘත්තිය ජිවිතය තුලත් ඉන් පිටතත් සිය ජිවිතය පොදු ජන අරගලය මත මුවහත් කළ නුවන් බෝපගේ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

නීතීඥ නුවන් බෝපගේ මහතා,  මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරන අතරම  2022 වසරේ ගෝල් ෆේස් අරගලයෙන් අපේක්ෂා කළ සමාජයේ ක්‍රම වෙනසක් දක්වා රට මෙහෙයවීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්.

එමෙන්ම,2022 වසරේදී  ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීම වෙනුවෙන් නුවන් බෝපගේ මහතාට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව හිමි වුණා.

තවද 2017 වසරේදී මීතොටමුල්ල ඛේදවාචකයට හේතු වුණු කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක ලෙසද 2009 වසරේ පටන් නුවන් බෝපගේ කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, 2023 වසරේදී සිය දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීම වෙනුවෙන් ඔහු කළ මැදිහත්වීමද ජනතාව අතර කතාබහට ලක් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: