hit counter

2026 අගෝස්‍තු මස 23 වන ඉරිදා

2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:25



වත්මන් රජය බලයට පත්වීමට පෙර සිදුකළ ප්‍රකාශ සහ පොරොන්දු කිසිවක් ඉටු කිරීමට මේ වන තෙක් අපොහොසත් වී ඇති බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණ සමයේදී රජයේ ප්‍රධානීන් විසින් මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් බව කියන අල්ලස් චෙක්පත්වල අංක සහ ලිපිගොනු 450ක් පිළිබඳව කළ ප්‍රකාශ දැන් අමතක වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

“මහින්ද රාජපක්ෂ මහතා ගත්තා කියපු චෙක්පත් අංක දන්නවා කිව්වා, ගණන් දන්නවා කිව්වා, හෝටල් ටික දන්නවා කිව්වා. දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා, කෝ ඒවට වෙච්ච දෙයක් නැහැ,” යැයි ඔහු පැවසීය.

ආර්ථික කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, එක පෑන් පහරින් සහල් මිල පාලනය කරන බව පැවසුවද අද වන විට සහල් මිල රුපියල් 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එසේම වී නිෂ්පාදනය පිළිබඳව පුරසාරම් දෙඩූ රජය, අද වන විට සහල් ටොන් ලක්ෂ ගණනින් පිටරටින් ආනයනය කිරීමට පෙළඹී ඇති බව ද ඔහු විවේචනය කළේය.

රජරට සහ පොළොන්නරුව ප්‍රදේශවල ගොවීන්ට සිය වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවත්, වී කිලෝවක් රුපියල් 80ක් වැනි අඩු මුදලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගොවීන්ගේ ඡන්දයෙන් බලයට පැමිණි පාලකයන් අද වන විට ගොවීන් කසිප්පුකාරයන් ලෙස හඳුන්වමින් ඔවුන්ට නිග්‍රහ කරන බවට ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කළේය.

පාර්ලිමේන්තුවට පත් වූ නව මන්ත්‍රීවරුන් පිළිබඳව ද සිය අප්‍රසාදය පළ කළ හිටපු අමාත්‍යවරයා, ඔවුන් ජනතාවගේ බුද්ධියට නිගා කරමින් කටයුතු කරන බවත්, රජය පවසන මල් පැළ වෙනුවට පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පාපිසි කෑලි වැනි පිරිසක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: