hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 01, පෙ.ව. 3:10



මලයාසියාවේ ධර්ම විජය සති විහාරස්ථානයේ නිර්මාතෘ විද්‍යෝධය ආදී ශිෂ්‍ය පූජ්‍ය අයගම යසස්සී නාහිමියන්ගේ පැවිදි දිවියට වසර 30ක් සපිරීම නිමිති කරගෙන සංවිධානය කළ පින්කම් මාලාවක් පසුගියදා මලයාසියාවේදී පවත්වා තිබුණා.

මලයාසියානු ජාතිකයන් පිරිසක් පැවිදි භූමියට ඇතුළත් කිරීම ඇතුළුව තවත් පින්කම් රැසක් එහිදී සිදුකෙරුණා.මෙම අවස්ථාවට මලයාසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බූටාවත්තේ සරණංකර නාහිමි,මලයාසියවෙ ප්‍රදාන සංඝනායක පූජ්‍ය අලුබොමුල්ලෙ රතනසිරි නායක ස්වාමින්වහන්සේබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමි, මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඥාාණරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම මලයාසියාවේ බෞද්ධ දායක පිරිසක් ද සම්බන්ධ වී තිබුණා.