hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 03, පෙ.ව. 12:02



කාංචනා අනුරාධි කියන්නේ මේ වනවිට ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක්.

ඒ වගේම තමයි ඇයගේ ගීත ඉන්දියාව නේපාලය වගේ රටවල ඉතාමත් ජනප්‍රිය වුණා.

ඉතින් මේ කියන්න යන්නේ කාංචනා ජාත්‍යන්තරය ජයගත් අවස්‍ථාවක් ගැන කියන්න.

ඕනිම ගායිකාවක් ආසයිනේ තමන් ගෝලීය වශයෙන් ජනප්‍රියත්වයට පත්වෙනවට.

අන්න ඒ වගේ අවස්ථාවක් අපේ මේ ආදරණීය ගායිකාවට ලැබිලා.

spotify සහ bonfire විසින් ඇයගේ රුව ලන්ඩනයේ, නිව්‍ යෝර්ක් සහ ටොරන්ටෝ නගරවල ප්‍රධාන දැන්වීම් පුවරුවන් හී ඇගේ රුව සහිත ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඉතින් ඒ අවස්ථාව ශ්‍රී ලාංකීය අපිටත් ඉතාමත් ආඩම්බරය දනවන අවස්ථාවක් බවට පත් වෙලා තිබෙනවා.

ඒ වගේම තමයි ඇයට ලංකාවේ තවත් ප්‍රසිද්ධ තරු කිහිපයක්ම සුබ පතලත් තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: