2024 අගෝස්තු 08, ප.ව. 2:04
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබේ.
සංග්‍රහය යටතේ පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ජයවික්‍රමට චෝදනා එල්ල වී ඇත.
2.4.4 වගන්තිය – අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ විරෝධී ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම, අනාගත ජාත්‍යන්තර තරඟවලදී පාවාදීම් සිදු කිරීමට ඔහුට ලැබුණු ප්‍රවේශයක් පිළිබඳ විස්තර.
2.4.4 වගන්තිය – 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා දූෂිතයෙකු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු සම්බන්ධ කර ගැනීමට ඔහුට ලැබුණු ප්‍රවේශයක් පිළිබඳ විස්තර අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ මර්දන ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම.
2.4.7 වගන්තිය – දූෂිත හැසිරීම් වල නියැලීමට ප්රවේශයන් සහ යෝජනා ඉදිරිපත් කරන ලද පණිවිඩ මකා දැමීමෙන් විමර්ශනයට බාධා කිරීම.
සංග්‍රහයේ 1.7.4.1 සහ 1.8.1 වගන්තිවලට අනුව, ජාත්‍යන්තර තරග සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ප්‍රවීන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ICC එකඟ වී ඇත.
ජයවික්‍රමට චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට 2024 අගෝස්තු 6 සිට දින 14ක කාළයක් ලබා දී තිබෙනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 7:57
2024 දෙසැම්බර් 22, ප.ව. 9:39
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21