2024 අගෝස්තු 09, පෙ.ව. 12:06
            
ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම නිවේදනය කර තිබෙනවා.
මුලින්ම මෙම නැව් සේවාව ක්රියාත්මක වූ අවස්ථාවේදී ‘චෙරියපානී’ නැව් සමාගම විසින් දෙරට අතර මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර හදිසියේම ඇති වූ කාලගුණික විපර්යාසය නිසා නැව් සේවාව තාවකාලිකව නවතා දමන්නට සිදුවිය.
පසුව ‘ශිව ගංගා’ නැව් සේවාව දෙවැනි අදියරයේදී එම නැව් සේවාව ආරම්භ කිරීමට අවස්ථා කීපයක්ම සූදානම් වූවත් එය අසාර්ථක වූයේ තාක්ෂණික දෝෂ කීපයක් නිසාවෙනි.
ලබන සතියේදී මෙම නැව් සේවාව ආරම්භ වීමත් සමගම එක් මගියකු සඳහා තනි ගමන් ගාස්තුව රුපියල් 26000 කි. එක් වාරයකදී කිලෝ ග්රෑම් 60 ක බරක් සමග මගීන් 150 කට මෙම නෞකාවේ ද ගමන් කළ හැකි වෙනවා.
මෙම නැව් සේවාවෙන් ගමන් කරන මගීන් සඳහා යාපනයේ ස්ථාන තුනකදී හා ඉන්දියාවේ ස්ථාන 12 කදී අදාළ ටිකට් පත් මිලට ගැනීමට ද පහසුකම් සූදානම් කර ඇත. සතියේ ඉරිදා දිනය හැර අනෙක් දින හය පුරාම දෛනිකව මෙම නැව් සේවාව පවත්වා ගෙන යන බව ද ශිවගංගා නැව් සේවාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
24-10-25
                                            24-10-25
26-09-25
                                            26-09-25
16-09-25
                                            16-09-25
10-09-25
                                            10-09-25
10-09-25
                                            10-09-25
20-08-25
                                            20-08-25
30-07-25
                                            30-07-25
29-07-25
                                            29-07-25
24-06-25
                                            24-06-25
22-06-25
                                            22-06-25
17-06-25
                                            17-06-25
16-06-25
                                            16-06-25