hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 13, පෙ.ව. 12:04



මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෙවීම සඳහා මැතිවරණ කොමිසම විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එක්ව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික්ක 25 පුරාම එය ක්‍රියාත්මක වන බව සඳහන්.

දැනටමත් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 120ක් පමණ කොමිසම වෙත ලැබී ඇති බව සඳහන්.

මැතිවරණ කොමිසම විසින් ජනතාවට දැනුම්දෙන්නේ මැතිවරණ නීති කඩ කරනු ලබන රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු වහාම කොමිසම වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙසයි.